සුවඳ කියන්නෙ මනසට බොහොම ප්‍රසන්න හැඟීමක් ගෙන දෙන දෙයක්. හරි නැවුම්. හඳුන්කූරු කිව්වම ඉබේම කියවෙන්නෙ හඳුන්කූරු “සුවඳයි” කියල. හැබැයි සමහර වෙලාවට අපි කඩේට ගිහින් ගේන හඳුන්කූරු සුවඳ නෑ, නැත්තං සුවඳ මදි. ගොඩක් වෙලාවට ඇහිලා තියනවා නේද අපේ ආච්චි අම්මල, අම්මල කියනව ‘මේ සැරේ ගෙනාපු හඳුන් කූරු නං ගත යුත්තක් නෑ, සුවඳක් ඇත්තෙම නෑ’ කියල. සුවඳ හඳුන්කූරු නං පන්සලකට ගිහිං පත්තු කරාමත් දාහක් හඳුන්කූරු අතරින් ඒ සුවඳ දැනෙනව.
සුවඳ පොඩ්ඩක් දැනිලා ඉවර වෙනවටද අපි කැමති, වැඩි වෙලාවක් දැනෙනවටද? සමහර හඳුන්කුරූ බොහොම පුංචි වෙලාවයි පත්තු වෙන්නෙ. බුදු පහන පත්තු වෙනකංම හඳුන් කූරත් පත්තු වෙනවනං ආන්න අපි කැමති. එතකොට තමා හිතට වඩාත්ම දැනෙන්නෙ ආමිස පූජාවක් කරාම එන සැනසීම. බුද්ධ වන්දනාවෙදි හඳුන්කූරු වලට මුල් තැනක් හම්බෙන්නෙ ඔය කාරනා ඔක්කොම එකතු කරල. අපි එක හඳුන්කූරක් පත්තු නොකර ඇයි හඳුන්කූරු ගොඩක් එක සැරේට පත්තු කරන්නෙ, අපි කැමති වැඩි වැඩියෙන් සුවඳ විඳින්න. සුවඳ වැඩි වෙලාවක් විඳින්න.
ඉතින් සුවඳ මදි, පොඩි වෙලාවයි පත්තු වෙන්නෙ ප්‍රශ්න ඔක්කොටම හරියන්න ඔන්න දැන් අලුතෙන් හඳුන්කූරක් එලි පහලියට ඇවිත්. සුවඳ වර්ග කීපයක් වෙන් වෙන් පැකට්ටු වගේම, එකම පැකැට්ටුවෙ සුවඳ වර්ග කීපයක් තියන value pack හැටියටත් මේ හඳුන්කූරු වර්ගය වෙලඳපලෙන් මිලදී ගන්න පුලුවනි. රෝස, ජැස්මින් සුවඳවල් වගේම පර්ෆියුම් ස්ටික්ස් කියල නවතම වර්ගයකුත් හඳුන්වල දීලා තියනව. සිත් සුවඳින් විතරක්ම නෙවේ වැඩි වෙලාවක් ඒ සුවඳේ රැඳිලා ඉන්නත් තෝරගන්න නියම නිශ්පාදනයක් තමා මේ හඳුන්කූරු.
හොඳ සුවඳ මිල අධිකයි කියන න්‍යාය බිඳලා තියන නිසාම, සාක්කුවට සරිලන මිලකට මේ හඳුන්කුරු වෙලඳ පලට හඳුන්වල දුන්නෙ සූර්යා නිශ්පාදන විසින්.
හෝමෝ ඉරෙක්ස්ටස් ගින්දර හොයාගෙන මානව ජීවිතය එලි කරා. මානව සංස්කෘතියෙ වැදගත්ම සංධිස්ථනයක් ගින්දර තමන්ගෙ ජීවිතයට එකතු කරගැනීම. ඒ වගේ අවුරුදු 35කට කලිං ශ්‍රී ලාංකීය ජන ජීවිතයෙ පෙරලියක් කරන්න පුලුවන් උනා සූර්යා ගිනි කූරු වලට. ගින්දර කිව්වොත් අද සූර්යාම තමයි.
සූර්යා නිශ්පාදන අවුරුදු 35ක් තිස්සෙ ශ්‍රී ලාංකීය විශ්වාසය දිනාගෙන තියන්නෙ ප්‍රමිතියෙන් අනූන වටිනා නිශ්පාදන පාරිභෝගිකයන්ට හඳුන්වා දෙමින්. ඉතිං ඔබත් අදම ගිහිං කැමති සුවඳකින් සූර්යා හඳුන්කූරු මිලදීගෙන බලන්න වෙනස කොහොමද කියල. ආමිස පූජාවන්, සිත් සුවඳින් කරන්නට සූර්යා හඳුන්කූරු ම විශ්වාසයෙන් භාවිතා කරන්න.. අපේම දෙයක්.