බෞද්ධ අපට පන්සලත් එක්ක තියෙන්නෙ සංසාරගත බැඳීමක්. බුදුන් නොදකින කාලෙක අපිට උන්වහන්සේට වන්දනා මාන කරන්න පුලුවන් වෙන්නෙ විශේෂයෙන් පන්සලකට ගියාමයි. බහුතරයක් බෞද්ධ ජනතාව තෙමඟුල සිහිකරන්න, මාසෙ පෝයට විතරක්ම නෙවේ තම තමන්ට හැකි හැම වෙලාවකම පන්සල් යන්නෙ ඒ නිසයි. පන්සලකට ගොඩ වැදුනම ගතට සිතට දෙකටම දැනෙන ඒ සැනසීම හරිම වැදගත්. නිරාමිස පූජාවක්. නිතර පන්සලකට ගොඩ වැදුනෙ නැතත් නිවසේදි බුදුන් වදින්නෙ ඒ දැනෙන සැනසීමටයි.
බුදුන් දැක නිවන් යන්නෝන, බුදු සරණයි වගේ වචන අපේ ජීවිත වලට බද්ධ වෙච්ච පාරිභාශික වචන අතලොස්සක් අතරින් කීපයක්. මේ වගේම බෞද්ධ ජීවිතයත් එක්ක බැදුනු තවත් වචනයක් එහෙමත් නැත්තං මලක් තමයි පිච්ච මල. පිච්ච මල් නැති බුද්ධ වන්දනාවක් නැති තරම්. සමන් පිච්ච, ගැට පිච්ච වගේ පිච්ච මල් වර්ග කීපයක්ම තියනව. නෙලුම් මල්, මානෙල් මල්, දාස් පෙතිය මල් වගෙ මල් වර්ග සෑහෙන්න ප්රමාණයක් අතුරින් පිච්ච මල් වලට බුද්ධ වන්දනාවේදි සුවිශේෂ තැනක් හිමිවෙන්නෙ ඒ තියන ආත්මීය සුවඳට. පිච්ච මල් පූජාවක නිරතවෙද්දි හිතට දැනෙන වන්දනාමය හැඟීම තවත් වැඩි වෙන්නෙ ඒ සුවිශේෂ සුවඳ නිසාමයි. පිච්ච මල් වට්ටි අතින් ගත්තු පුංචි දරුවෝ වැඩිහිටියෝ නෙතට පැනිරසක් වගේම ඒ පූජාව හිතට සහනයක්.
පිච්ච මල් වල සුවඳ සුවිශේෂ නිසාම අපි නිතැතින්ම පිච්ච මල් සුවඳ තියන හඳුන්කූරුත් බුද්ධ වන්දනාවට තෝරගන්නෙ. ඒ හඳුන්කූරු නං පිච්ච මල් සුවඳයි, මතක් කරල ජෙස්මින් හඳුන්කූරු ගන්න වගේ දේවල අපිට එදිනෙදා නිතර ඇහෙනව නේද? ඒ තරමට පිච්ච මලේ සුවඳ අපිට බුද්ධ වන්දනාවත් එක්ක එකතුයි.
පිච්ච මල් සුවඳ හඳුන්කූරක් හොයාගන්න එක ඒ තරං අමාරු නෑ. හැබැයි වැඩිවෙලාවක් සුවඳ දැනෙන, හරියටම පිච්ච මල් සුවඳම දැනෙන හඳුන්කූරක් හොයාගන්න එක ටිකක් අමාරුයි. ගොඩක් වෙලඳපලේ තියන හඳුන්කූරු වල සුවඳ තියෙන්නෙ පෙට්ටියේ විතරයි. හඳුන්කූරු නහයට ඇල්ලුවමත් සුවඳයි. හැබැයි පත්තු කරාම එන සුවඳ දැනෙන්නෙම නැති තරං. එහෙම සුවඳ තියන හඳුන්කූරු මිලෙන් ඉහළයි. දිනපතා බුදුන් වදිද්දි හඳුන්කූරු පත්තු කරන කෙනෙක්ගෙ පසුම්බියට ඒ මිල දරාගන්න අමාරුයි.
හැබැයි දැන් අපිට ඒ ගැන වද වෙන්න උවමනා නැති තරං. පිච්ච මල් සුවඳ ඒ විදියටම දැනෙන වැඩිවෙලාවක් පත්තු වෙන විතරක්ම නෙවේ පසුම්බියට දරාගන්න පුලුවන් හඳුන්කූරු පෙලක්ම දැන් වෙලඳ පොලේ තියනව. පිච්ච මල් සුවඳම දැනෙන පෙට්ටිය විතරක් නෙවේ හඳුන්කූරත් සුවඳ මේක සුවිශේෂ හඳුන්කූරක්. පිච්ච මල් වලින් ම උකහා ගත්තු සාරය භාවිතයෙන් නිශ්පාදනය කරල තියන මේ හඳුන්කූරු සුවඳින් ඉහලයි.
අපට ගැලපෙන බුද්ධ වන්දනාවට නැතිවම බැරි හඳුන්කූරු අපට හඳුන්වල දුන්නෙ වෙන කවුරුත් නෙවේ මීට අවුරුදු 35 ට කලිං ? ලොවේ පෙරළියක් කරපු සුර්යා ගිනිකූරු හඳුන්වා දුන් සුර්යා නිශ්පාදනයි. සුර්යා නිශ්පාදන මේ තරං අද සමාජයෙ ප්රචලිත වෙන්න හේතුව ප්රමිතිය වගේම දරාගත හැකි මිලයි.
තාමත් පිච්ච මල් සුවඳ හඳුන්කූරු භාවිතා කරල නැත්තං අදම භාවිතා කරල ඒ වෙනස බලන්න. හඳුන්කූරක් විශ්වාසයෙන් දල්වන්න පුලුවන් වෙන්නනෝන ඒ විතරක් නෙවේ සිත් සුවඳවත් කරන්නත් ඕන.
ආමිස පූජාවන්, සිත් සුවඳින් කරන්නට සුර්යා හඳුන්කූරු ම විශ්වාසයෙන් භාවිතා කරන්න. සුර්යා නිශ්පාදන ශ්රී ලාංකීය අපේම දෙයක්.