සුවඳ! අපි හැමෝම කැමති සුවඳට..

මනුස්සයෙක්ගෙ නහය තුල ප්‍රතිගාහක සෛල මිලියන 5කට ආසන්න සංඛ්‍යාවක් තියනව මේවගෙන් තමා අපට ගඳ සුවඳ දැනෙන්නෙ. සත්තුන්ට සාපේක්ශව අපේ සෛල ප්‍රමාණය අඩුයි. බල්ලෙක් ගත්තොත් සෛල මිලියන 200කට ආසන්න සංඛ්‍යාවක් තියනවා. ඒකනෙ බල්ලෙගෙ ඉව හොඳයි කියන්නෙ?. හැබැයි සත්තුන්ට වඩා අපේ සුවඳ දැනීමෙ ශක්තිය අඩු උනත් අපේ ජීවිත වල චිත්තවේගයන්ට, ශාරීරික සෞඛ්‍ය වගේම මානසික සෞඛ්‍යටත් ලොකු බලපෑමක් එල්ලකරන්න පුලුවන් සුවඳට. නහය තුල සුවඳ දැනීමේ සෛල සම්බන්ධ වෙනවා මොලය තුල තියෙන “ලිම්බික්” පද්ධතියට, මොලයෙ තිබෙන පරණම කොටස. මේ පද්ධතිය තමයි අපේ චිත්තාවේගයන්, චර්‍යාවන්, වගේම දීර්ඝ කාලීන මතකයන් පාලනය කරන්නෙ.
පර්යේෂණ මඟින් හොයාගෙන තියනවා රාත්‍රී නින්දට පෙර මලක සුවඳ දැනෙන කෙනෙක්ට සුභ සිහින පෙනෙනවා කියලා. ඒ විතරක් නෙවේ පර්යේෂණ මඟින් තවත් තහවුරු කරගත්ත දෙයක් තමයි ඕනෑම කාර්‍යක විශිෂ්ඨ ප්‍රතිඵල සඳහා මේ සුවඳ හේතුවෙනව කියනෙක. ඇමෙරිකාවෙ ලස් වේගාස් වල කැසිනෝ එකක මේ විදියට මනසට ප්‍රිය සුවඳ භාවිතාවෙන් හොයාගෙන තියනව වැඩියෙන් මිනිස්සු මුදල් වියදම් කරන්න පෙලඹෙනව වගේම වැඩිපුර ජයග්‍රහණත් හිමිකරගන්නවා කියලා. යෝගා ව්‍යායාම වලදීත්, හොලිස්ටික් ප්‍රතිකාර ක්‍රම වලදී ත් සුවඳ උපයෝගි කරගන්නෙ මානසික සුවය ශාරීරික සුවය දෙකම වර්ධනය වෙන්නයි. නින්දට, මානසික පීඩාවන්ට, මනසෙ ඒකාග්‍රතාවයට, මතකයන්ට, විතරක් නෙවේ ආදරයටත් ❤ සුවඳ සම්බන්ධයි.

පුරුද්දක් විදියට අපිටත් පුලුවන් සුවඳ භාවිතාවෙන් සුවදායක පරිසරයක් හදාගන්න. මෙච්චර කාලයක් අපිට බාධාවක් වෙලා තිබුනෙ වෙලඳ පොලේ තියෙන ඇසෙන්ෂල් ඔයිල් වල පසුම්බියට දරාගන්න අමාරු මිලයි. ඉතිං ඔන්න ඒකට විසඳුමක් දැන් වෙලඳ පොලේ තියනවා. සුවිශේෂි සුවඳ කූරක්! දශක කීපයක් තිස්සෙ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගෙ හදවත දිනාගත් සූර්‍යා නිශ්පාදන විසින් වෙලඳ පොලට හඳුන්වා දුන් සූර්‍යා සුවඳ කූරූ! සුවඳ කීපයකින්ම මිල දී ගන්න පුලුවනි.

ඔබත් අදම ඔබේ නිවසේ, කාර්‍යාලයෙ, ව්‍යාපාරික ස්තානයෙ, යෝගා මධ්‍යස්තානයෙ සුවඳ කූරූ භාවිතා කර බලන්න. ප්‍රතිඵල සුවිශේෂයි!

ආදරණීය සුවඳ කූරක්, සූර්‍යා අපේම දෙයක්!

House of Soorya

With over 35 years of being the market leader, Soorya has been able to deliver a flawless range of match sticks and match boxes and now expanding to more products under its prestigious brand name, trusted for decades.