fbpx
SOCIAL MEDIA CONTENT CREATION & MANAGEMENT | SWADESHI KHOMBA

SOCIAL MEDIA CONTENT CREATION & MANAGEMENT | SWADESHI KHOMBA

SOCIAL/DIGITAL MEDIA MARKETING

ADDITIONAL DETAILS

Client: Swadeshi Khomba
Location: Sri Lanka

Khomba Shower Creame with its natural ingredients such as Lime and Cucumber is gentle on the scalp and body and is made…

Posted by Swadeshi Khomba on Tuesday, November 26, 2019

අපේ අත්තම්මලට ඒ කාලෙ ඔන්ලයින් මිලදීගන්න පුලුවන් බියුටි ප්‍රඩක්ට්ස් තිබුනෙ නෑ. හැබැයි කුරුලෑ නැති මුහුණක් අවුරුදු 50ක්…

Posted by Swadeshi Khomba on Wednesday, October 16, 2019

කොහොඹ පොතුකොහොඹ පොත්තෙහි 14% ක් ටැනින් (දැඩි කහට වර්ගයක්) අඩංගුය. කොහොඹ ගසේ තිත්තම කොටස එහි පොත්තයි. කොහොඹ පොතු තම්බා…

Posted by Swadeshi Khomba on Friday, October 4, 2019
ස්වෙදේශි කොහොඹ දඹදෙණිය ආලෝක පූජාව

ස්වෙදේශි කොහොඹ ආලෝක පූජාව පුණ්‍ය මහෝත්සවය සැප්තැම්බර් මස 28 වන දින සිට මෙවරත් දඹදෙණිය පුරාණ රජමහා විහාරයේදී පැවැත්වුනා. අඛන්ඩව වසර 18 තිස්සෙ පැවැත්වෙන ස්වෙදේශි කොහොඹ ආලෝක පූජාව එහි සභාපතිනි අමරි විජයවර්ධන මැතිනිය ප්‍රමුඛ කාර්‍ය මණ්ඩලයෙ සුවිශේෂි සමාජ සත්කාර වැඩසටහනකි. දෙවන පරාක්‍රම රජ දවස ඉදි වූ දඹදෙණිය පුරාණ රජ මහ විහාරයට දඹදෙනි යුගයෙ විසූ පාලකයින් සිව් දෙනෙකුගේම රාජ්‍ය අනුග්‍රහය ලැබුනු බවට ඉතිහාසයෙ සඳහන් වේ. මෙරට තෙවන රාජධානිය වූ දඹදෙනිය රාජධානියේ දලදා මාළිගය ලෙස සැලකෙන්නේ දඹදෙණිය විහාරස්ථානයයි. පුරා වසර 13ක් දන්ත දාතුන් වහන්සේ එහි තැන්පත් කල තිබූ අතර, දලදා පෙරහැරේ ආරම්භයද එහිදි ඇති විය. දලදා මාළිගය පාදක කොට ඉදි වූ පුරාණ ස්මාරක විහාර අදටත් එම විහාරස්ථාන භූමියෙ දක්නට හැක. 1927 දී කැලණිය රජමහා විහාරයෙ බිතුසිතුවම් ප්‍රතිසංස්කරණය කල හෙලේනා විජයවර්ධන තම මිත්තනියගෙ ආභාසය ලබමින් 2013 වසරේදී අමරි විජයවර්ධන මැතිනිය විසින් දඹදෙනිය පුරාණ රජ මහා විහාරයෙ දලදා මාළිගයෙ ඉපැරණි බිතු සිතුවම් ඒ අකාරයෙන්ම පුරාවිද්‍යා අධීක්ෂණය යටතෙ ප්‍රතිසංස්කරණය කරවීය. දඹදෙණිය පුරාණ රජමහා විහාරය පමණක් නොව දිවයිනෙ විහාරස්ථාන කීපයකම වාර්ශිකව ස්වදේශී ආලොක පූජාවන් පැවැත්වේ. 1941 දී ඇරඹී ස්වදේශීය සමාගම ශ්‍රී ලාංකීය සමාගමක් වන අතර දේශීය ශාඛ සාර සනීපාරක්ශක නිශ්පාදනයෙ ප්‍රමුඛයා ද වන්නේය. වසර 1940 නිශ්පාදනය කළ ස්වදේශී කොහොඹ ශාකසාර සබන්, ශාකසාර සබන් අතර ප්‍රමුඛයාද වන්නේය. සුවිශේෂි නිශ්පාදන රැසක් වෙලඳ පොලට හඳුන්වා දුන් ස්වදේශි සමාගම ජාත්‍යන්තර වශයෙන්ද ඇගයුම් ලද ආයතනයකි. 'අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේගේ තුන් ලොව ම එළිය කළ අසිරිමත් විස්මිත සම්බුද්ධ ප්‍රඥාවට උපහාරයක් වේවා!’ යන අදහසින් මෙන්ම ඒ තුළ බුදු ගුණ මනසිකාරය සිදු කරමින් ආමිස පූජාමය වශයෙන් පින් රැස්කර ගන්න."දීපදෝ හොති චක්ඛුදෝ" ?

Posted by Swadeshi Khomba on Wednesday, October 2, 2019

Leave a Reply